THE AMAZING "PAHIYANGALA" CAVE
THE AMAZING "PAHIYANGALA" CAVE....
ශ්රී ලංකාවේ බස්නාහිර
පළාතේ පිහිටි කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල නම් ප්රදේශයේ පිහිටා
ඇති
මෙම
ලෙන මුහුදු මට්ටමේ සිට මීටර් 400 ක් උසින් යුක්ත
වෙයි.මෙම ලෙනෙහි දිග අඩි 150ක් පමණ
වන
අතර පළල අඩි 175 ක් පමණ අගයක්
ගනු ලබයි.හෝමෝ සේපියන් මානවයාගේ තතු දැන ගැනීම
උදෙසා
1979 වර්ෂයේ දී මුල්වරට කැණීම්
ආරම්භ විය.මෙහි පවතින විශ්මය දනවන කරුණ වන්නේ
මිනිසාගේ
අතීත මුතුන් මිත්තන් වන හෝමෝ සේපියන්
මානවයා පිළිබඳව මෑත කාලීනව මෙම
ලෙනෙන්
හමු වූ විද්යාත්මක
තොරතුරු ය.
ජර්මානු,
ඕස්ට්රේලියානු හා ශ්රී
ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ පුරාවිද්යාව පරීක්ෂකයන්ට සනාථ වූ
කරුණු
අනුව අප්රිකානු කලාපයෙන් පසුව සත්ව ඇට කැබලි, ශිලා
මෙවලම් හා දුණු ඊතල
භාවිතා
කරමින්
සතුන් දඩයම් කළ ප්රථම
රට බවට ශ්රී ලංකාව
පත්විය.මුළු මහත් ලෝක ප්රජාවගේ ම
අවධානය
මෙම
කරුණ වෙත යොමු විය.දකුණු අප්රිකාවෙන් පසු ජර්මනිය ක්ෂුද්ර ශිලා මෙවලම්
සොයාගත් අතර
එහි
කාල නිර්ණය සීමාවූයේ වසර 20,000 කට පමණ ය.එහි ශ්රී ලංකාවේ
වසර හතළිස් දාහක් පමණ
අතීතයට
මෙම කරුණු දිව යන ලදී.ඕස්ට්රේලියාවේ හා ඇමරිකාවේ පවතින
කාලනිර්ණ ආයතන දෙකක්
මගින්
එකම දින වකවානු නියම කිරීම නිසා මෙහි සත්යවාදී බව තව තවත්
වැඩි විය. මෙහි
කාලනිර්ණයන්
නිර්ණය කර ඇත්තේ කාබන්
කාලනිර්ණ ක්රමයට අනුවයි.
පාහියන්ගල
ලෙන පරීක්ෂාවෙන් තවත් සොයා ගත් අපූරු දෙයක් වනුයේ වඳුරු හා ලේනුන්ගේ සැකිලි
කොටස්
ය.මේවා පරීක්ෂාවෙන් පසු නිගමනය කරනු ලබන්නේ රෙදි විවීම සඳහා එම සතුන්ගේ සහ
ශාක
ෆයිබර් කොටස් යොදා ගත් බවයි.මෙම සාක්ෂි පර්යේෂකයන්ට තවත් කරුණු වටහා දෙන්නට
සමත්
විය.එනම්, වඳුරන් හා ලේනුන් වැනි
සතුන් දඩයම් කිරීමට ඉතා අපහසු බවත්, ඔවුන් දඩයම් කිරීම
සඳහා
දුණු ඊතල භාවිත කළ බව පර්යේෂකයන්ට
වැටහිණි.මෙම කරුණු මගින් අපට පෙනී යන්නේ
අතීතයේ
දී, ශ්රී ලංකාවේ
විසූ මානවයාගේ තාක්ෂණික හැකියාව විද්යාත්මකව සනාත වී තිබෙන
ආකාරයයි.
ඔබ මෙයින් හරවත් යමක් ලබා ගත්තේ නම්,වෙබ් පිටුවවෙත සටහනක් දමා යන්නට අමතක නොකරන්න...
❤👍🔥
ReplyDelete❤❤✨️🔥
ReplyDelete